Saturday, June 13, 2020

ඉදුනිල් 29 කොටස INDUNIL-29

ඉදුනිල් 29 කොටස INDUNIL-29

Download Free png Eye Lashes Png, png collections at sccpre.cat ...
අද මම ටිකක් කලින් අවා මොකද කලින් දවසේ පරක්කු වෙලනේ ආවේ මම යනකොටත් ලසිත් ඈවිත් හිටියා මම ගූඩ් මොර්නින් කියලා මගෙ ඩෙස්ක් එකෙන් පොත් බෑග් එක තියලා ලසිත් ලගට ගියා එතකොට තව පිරිමි ලමයි ඩෙන්නෙක් අවා ඔයා රුවන් නේද මම අමල්  මම කුමාර කියලා ඒ දෙන්නව අදුන්වලා දුන්නා මමත් දෙන්නටම අතට අත දිලා අදුරගත්තා දෑන් මට යාලුවො 3ක් ඉන්නවා ටිකකින් සර් පන්තියට ආවා ඈවිත් පාඩම පටන් ගත්තා මේ දෙවල් මම දන්න නිසා ලොකු අමාරුවක් උනේ නෑ මට

දිගටම කියවන්න

Thursday, June 11, 2020

ලස්සනට නිවෑරදිව සාරියක් අදින්න සාරි පාඩම

හැමදාම අදින්නේ සාරියද? සාරිය හෝ ඔසරිය අදින්න කලින්,ඔබේ සිරුරේ හැඩය

උස ගැන හිතන්න.ඒ අනුව අදින්නේ සාරිය ඔසරියද යන්න තීරණය කරන්න.
සාමාන්යෙයන් ඉන්දියානු කාන්තාවන් උසයි.ඔවුන්ට ස්වභාවයෙන්ම පිහිටන්නේ ඉන උකුල පරතරය හොදින් ඇත්තේ හැඩ සිරුරු.ඒ නිසා ඔවුන්ට ඉන්දියානු සාරි විලාසිතාව ලස්සනයි,එයින් ශරිරයේ හැඩ තල දෙපාවල දිගු බව ඉතා සුන්දරව දිස්වනවා.
ඔබටත් ඉන්දියානු කාන්තාවකට මෙන් හැඩැති සිරුරක් තියෙනවානම් ඉන්දියානු සාරිය ඇන්දාට කමක් නැහැ.


Wednesday, June 10, 2020

ඉදුනිල් 28 කොටස INDUNIL-28

ඉදුනිල් 28 කොටස INDUNIL-28

Second Life Marketplace - *D*D* Shadow Lash - Spring Green Eyes


දුව නෑගිටින්නේ නෑද්ද අද කියලා ලොකු අම්මා දොරට ගහන හඩට මම නෑගිටලා වෙලාව බෑලුවා උදේ 6. මම නෑගිටලා දොර ඈරියා හොද ළමයා වගේ මටත් එක්ක තේ එකක් හදනාවද කියලා ලොකු අම්මා ඈහෑව්වා හා මම හදන්නම කියලා මම එහෙම්මම කුස්සියට ගියා

Wednesday, May 27, 2020

කාන්තාවන් විලාසිතා ගැන වගේම යට ඇඳුම ගැනත් හිතන්න ඕන

කාන්තාවන් විලාසිතා ගැන වගේම යට ඇඳුම ගැනත් හිතන්න ඕන

සාමූහිකව ගැවසීම, මිනිසා දැඩි ලෙස සමාජශීලී වීම යන කරුණු හේතුවෙන් ලිංගික ප්‍රදේශය ආවරණය කිරීමට අවශ්‍ය වීම. සිරුරේ හැඩය පිළිබඳ අවධානය ඇතිවීම යන කරුණු මත යට ඇඳුම් අනිවාර්ය අංගයක් වුණා.



ප්‍රජා වෛද්‍ය විද්‍යාව සහ පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ
කාන්තාවන්ට අවශ්‍ය ඇයි?

යට ඇඳුම් කියන්නේ කාන්තා අපිට අත්‍යවශ්‍යම අංගයක්. කාන්තාවක් නම් බේ‍රෂියරයක් ඇඳීමෙන් කරුණු කිහිපයක් ඉටුකර ගැනීමට උත්සාහ දරනවා. සිරුරේ හැඩය පවත්වාගෙන යෑම, පියයුරුවල ආරක්‍ෂාව, පියයුරු ගැස්සීම නිසා ඇතිවන අපහසුතා හා වේදනා වළක්වා ගැනීම ආදියයි.ඒ වගේම කාන්තා සහ පිරිමි අයගේ යට ඇඳුම් ගත් විට මේ දෙපාර්ශ්වයම වැඩිවියට පත් වෙනවා. ඉන්පසුව ලිංගේන්ද්‍රියන් හරහා විවිධ ශ්‍රාවයන් නිකුත් වීම සිදුවනවා. ඒවා පිටතට වැගිරීම හෝ ඇඳුම්වල තැවරීම වැළැක්වීමට උපකාරී වනවා.ඔසප් සමයේදී ඇතිවන රුධිරය පිටවීමේදී ඒවා වැගිරීම හෝ ඇඳුම්වල තැවරී අපහසුතාවට පත්වීමට ඇති ඉඩකඩ යට ඇඳුම් මඟින් වළක්වනවා. මේ නිසා යට ඇඳුම් කියන්නේ එපා කියලා අත්හැරිය යුතු දෙයක් නොවේ.

තෝරගන්නෙ කොහොමද?
නමුත් යට ඇඳුම් භාවිත කරන විට අපි සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තිබෙනවා. මූලිකවම යට ඇඳුමක් තෝරා ගනිද්දී සලකා බලන්න ඕන දේවල් කිහිපයක්ම කතා කළ යුතුයි.අපි ජීවත් වන පරිසරයේ කාලගුණයේ වෙනස්වීම් ආදිය අපේ තෝරා ගැනීම්වලට බෙහෙවින්ම බලපානවා. සාමාන්‍යයෙන් ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක්. අපේ රටේ ඉහළ උෂ්ණත්වයක් සහ නිතර දහදිය දැමීම දකින්න පුළුවන්.ඒ වගේම කාන්තාවක් නම් යට කලිසම, ටයිට් ෂෝට් එක, ඩෙනිම් කලිසම එහෙමත් නැතිව සායක් අඳිනවා නම් මුලින් කියපු යට ඇඳුම් දෙකට අමතරව යට සාය, උඩින් අඳින සාය ආදී ලෙස වරකට ඇඳුම් රැසක් අඳිනවා.


කපු ඇඳුම් හොඳයි
මෙතැනදී ශරීරයට ලැබෙන උෂ්ණත්වය අධිකයි. මේ නිසා ලිංගික අවයව නිතර උෂ්ණත්වයට ලක්වනවා. දහදිය දැමීම අධික වන අතරම පිටවීම පමා කරනවා. මේ නිසා යට ඇඳුමක් සෑම විටම කපු රෙදිවලින් නිර්මාණය කරන ලද එකක් වෙන්න ඕන. එවිට අධිකව දමන දහදිය උරා ගැනීම මඟින් පහසුවක් සලසනවා.නයිලෝන් සහ සින්තටික්වලින් නිර්මාණය කරන ලද යට ඇඳුම් කෙසේවත් සුදුසු නොවේ. එම රෙදි වර්ගවලින් දහදිය දැමීම වැඩි වී ශරීරයට රස්නය දැඩිව දැනෙන අතරම දහදිය උරා ගැනීමක් සිදුවන්නේ නැහැ.ඒ වගේම විවිධ අනුකාරක විලාසිතා බටහිරින් මෙරට පැමිණෙනවා. නමුත් එවැනි යට ඇඳුම් විලාසිතා කෙතරම් දුරට අපට අපේ සෞඛ්‍යයට ගැළපෙනවාද කියන කරුණ සලකා බැලීම ඉතාම වැදගත්.


පිරිසුදුකම ඉතා වැදගත්
යට ඇඳුම්වල පිරිසිදුකම කියන්නෙත් ඉතාම වැදගත් සාධකයක්. හොඳින් සෝදා තද අව්වේ වේළාගත් යට ඇඳුම් ඇඳීම ඉතාම සුදුසුයි. එක් යට ඇඳුමක් එක් දිනක් පාවිච්චි කිරීමෙන් පසුව අනිවාර්යයෙන්ම සෝදා වේළා පාවිච්චියට ගන්න.


සබන් යනතුරු සෝදන්න
සේදුම් කුඩු, සබන් ආදිය යොදා යට ඇඳුම් සේදීම ගැටලුවක් නොවේ. නමුත් සබන් පෙණ සහ සේදුම් කුඩු හොඳින් ඉවත්ව යනතුරු සෝදා හරින්න. එවනි කෘත්‍රිම ද්‍රව්‍ය තැවරුණු යට ඇඳුම් භාවිතය නිසා ආසාත්මිකතා ඇතිවිය හැකියි.


හොඳින් මදින්න
යට ඇඳුම් හොඳට සෝදලා, තද අව්වේ වියළා ගන්නවා වගේම හොඳින් මැදීම වැදගත්. එවිට අව්වට විනාශ නොවූ විෂබීජ සහ දිලීර විනාශ වී යනවා.


විවිධ ලෙඩ රෝග
යට ඇඳුම් අපිරිසුදු වීම නිසා විවිධ රෝගාබාධ වැලඳෙන්න පුළුවන්.
දිලීර රෝග හැදෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේම දද, කුෂ්ඨ, ආසාත්මිකතා මතු වෙන්න පුළුවන්.
අළුහම් විශේෂ ඇතිවනවා, එම අළුහම් වර්ග වැඩි දියුණු වෙලා අවසානයේදී ද්විතීයක දිලීර හා බැක්ටීරියා ඇතිවෙන්න පුළුවන්.
මේ හේතු නිසාම යට ඇඳුම් සෝදා වියළා ගැනීම ඉතාම වැදගත්. පරණ යට ඇඳුම් පාවිච්චි කළාට කමක් නැහැ. නමුත් ඒවා ඉතාම පිරිසුදුව තියෙන්න ඕන.


ඔසප් කාලයට
ඒ වගේම ඔසප් සමයේදී පාවිච්චි කරන යට ඇඳුමක් වුණත් සෝදා පිරිසුදු කර භාවිතයට ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ඔසප් සමයේ පරණ යට කලිසම් පාවිච්චි කරන්නට, එහි ගැටලුවක් නැහැ. එසේ නොකළා යැයි ඇතිවන ගැටලුවකුත් නැහැ. පිරිසුදුකම තමයි වැදගත්.


සිර ඇඳුම්
ඒ වගේම යට ඇඳුමක් තෝරා ගනිද්දී සිරුරට ඉතාම හොඳින් ගැළපෙන යට ඇඳුමක් ගන්න. අධික හිර ඇඳුම් ගැනීමෙන් ඔබ අපහසුතාවට පත්විය හැකියි. ඒ වගේම තුවාල වේදනා ඇතිවීමටත් ඉඩ තිබෙනවා.ඒ වගේම ඉතාම ලිහිල් යට ඇඳුම් ගැනීමෙන් වුණත් ඔබව අපහසුතාවට පත්වන්නට පුළුවන්. ඒ වගේම ඉතාම වැදගත් දෙය ඔබේ සනීපාරක්‍ෂාවයි.යට ඇඳුම් මිලදී ගන්න කලින් දෙවතාවක් හිතලා බලන එකත් වැදගත් කරුණක්. එයට හේතුව සනීපාරක්‍ෂාව සහ පිරිසුදුකම වගේම ඔබේ සුවපහසුවත් ඉතාම වැදගත් කරුණු වීමයි.
-

මෙය උපුටා ගෑනිමකි